ස්වාධීන තත්ත්ව මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද කදුකර කතිකාව කතිකාව ඉදිරිපත් වුණු පුරවැසි මතවාද

කතිකා 06_ ප්රවෘත්ති මාධ්ය තත්ත්ව පිළිබද ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද පුරවැසි සාකච්ජාව

දිනය -

වෙලාව - පෙ.ව. 9.30_ 12.30 දක්වා

ස්ථානය- ඩෙවොන් හෝටලය,මහනුවර.

පහසුකම් සම්පාදනය_ ජනමාධ්ය ප්රතිව්යහගතකරණය සදහා වන ජාතික ලේකම් කාර් යාලය

ජනමාධ්ය නියාමනය හා උක්ත පනත් කෙටුම්පත පිළිබද මහනුවර වාසී පුරවැසියන්ගෙන් ඉදිරිපත් වුණු අදහස්, යෝජනා හා මතවාද.

  • ආදි කාලයේ සිට මෙරට ජනතාව පෝෂණය කළ සාහිත්යවේදීන් රැසකි. ඊට සාපේක්ෂ්ව වර්තමානයේ ජනමාඩ්ය ක්රියාකාරිත්වය ගැටලුසහගතය. රූපවාහිනි/ගුවන්විදුලි නාලිකාවල විවිධ පාර්ශවයන්ට බෙදී බැණ අඩා ගැසීම් මිස සංවාදයක් දක්නට නැත. මැති ඇමැත්තෝද රට-රටවල සංචාරයේ යෙදෙනු මිස ඒ රටවලින් ගන්නා ආදර්ශයක් නොපෙනේ. එක්ව කටයුතු කරන ඔවුහු ජනතාව ඉදිරියේ බෙදී වෙන්ව පෙනී සිටිමින්, අසත්ය ප්රචාර පතුරුවා හරින්නේ පන්සිල් පද පහෙන් එකක්ද බිද දමමිනි. අසත්ය ප්රචාර නිසා රට රටවල් විනාහමුඛයට යයි. ජනතාව වෙත පරිහාණිය නොව දියුණුව ගෙන ඒමෙහි සමත් ජනමාධ්ය විනයක් සහිතව ක්රියාත්මක විය යුතුව ඇත. ඊට මෙම පනත රුකුලක් වනු ඇතයි උදක්ම බලාපොරොත්තු වෙමු.
  • මගෙ වසර 60 ක ජනමාධ්ය ජීවිතයේ අත්දැකීම් අනුව නම් මෙම කෙටුම්පත අංගසම්පූර්ණ නැත. රූපවහිනි- ගුවන්විදුලි සදහා ප්රමිතීන් වෙන වෙනම තිබිය යුතු වේ. ඒ සදහා වෙනම යෝජනාවලියක්ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.විකාශන තරංග පොදු දේපළක්,අයිතියක් බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
  • අන් මාධ්යවලට සාපේක්ෂව රාවයට ප්රශංසාත්මක මාධ්ය භාවිතයක් ඇති බව කිව යුතුයි. මෙරට ජනමාඩ්යවේදීන් නිසා ලංකාවේ ජනතාව වසර ගණනාවක යුද්ධයෙන් බැට කෑවෙමු. එහෙත්, ජනමාධ්ය තවමත් ජාතිවාදය අවුස්සාලයි. සිංහල -දෙමළ භේදයෙන් දැන් ගැටලුව සිංහල-මුස්ලිම් භේදයට විතැන්ව ඇත.
  • තමන්ට අගතියක්ව ඇත්නම්, ප්රථමයෙන් කවුන්සිලයේ අනුමැතිය ලැබ,දෙවනුව නීතියේ පිළිසරණ පැතීම අසාධාරණ නොවේ.නමුත්, 10% මුදල් තැන්පතුව නම් පනතේ ඇති සීමාසහිත බවකි. අනෙක, මෙම කෙටුම්පත තැනූ කමිටුවක් ගැන පැවසුණද ජයවීර මහතාගේ නම මිස කමිටුවේ අන් සාමාජිකයන් ගැන සදහන් නොවීම බලවත් අඩුපාඩුවකි.
  • කොමිසමේ මුක්තිය සහ පත්වීම් සිදුවන ආකාරය පිළිබදව ගැටලු සහගත තැන් නිරවුල් විය යුතුයි. වත්මන් තාරුණ්යය ජනමාධ්ය නිසා නොමග යයි. ඒ සම්බන්ධ ඉක්මන් පියවර ගත යුතුයි.
  • ජනමාධ්ය වර්තමානයේ තවත් අලෙවි භාණ්ඩයක් පමණි.නමුත් ජනමාධ්ය නිසා සමාජයම වින්දිතයන් බවට පත්ව හමාරය. මේ ක්රමය වෙනස් කළ යුත්තේය.වාර්තාකරණයේදී බහුවිධ මූලාශ්ර පරිශීලනය අත්යවශ්යය. එසේ නොවේ නම් ,එය අභියෝගයට ලක් කර අධිකරණයට යාමේ ඉඩ ප්රස්තාවද තිබේ. එංගලන්තය වැනි රටක නම්, සෑම මාධ්යවේදියකුගේම සාක්කුවෙහි මාධ්ය අචාරධර්ම සංග්රහය දක්නට ලැබේ.
  • මෙම කෙටුම්පතේ, 5 වන වගන්තියේ, "ගවේෂණාත්මක වාර්තාකරණය" අන්තර්ගත නොවීම අඩුවකි. 9 වන වගන්තියේ නිවැරදි කිරීම් සම්බන්ධ නීති ප්රායෝගිකව සාර්ථකද යන්න ගැටලුසහගත බැවින් එය තවදුරටත් පැහැදිලි විය යුතුයි.අගතියකදී මණ්ඩලය වෙත නොව කෙළින්ම උසාවියට යාමට ඉඩ සැලසෙන්නේ නම් මැනවි.
  • එසේම මේ පනත ජනමාධ්ය ආයතනවල ආරක්ෂාව අරමුණු කරගත්තක් විනා ග්රාහක අයිතීන් දිනා දීම සදහා නිර්මිත පනතක් නොවන බව පැහැදිලිව පෙනේ. වර්තමානයේ ප්රධානතම ගැටලුවක්ව තිබෙන වෙබ් අඩවි නියාමනය මෙම පනතෙන් ඉටු නොවීම ප්රශ්නකාරීය.
  • මේ කතිකාවේදී කවුරුත් බැට දෙන මුවහම වන්නේ, වෘත්තීය ජනමාධ්යවේදී අපයි.ලංකාවේ කොතැනක මේ සංවාදය සිදු වුවත් ඊට දිගු අතීතයක් ඇති බව පිළිගනු ඇත.එහෙත්,සාකච්චාවට ලක්වූ කිසිවක් ක්රියාවට නොනැගුණි.
  • පුවත්පත් කතුවරුන් හා හිමිකරුවන් යන දෙපිරිසම වෘත්තීය ජනමාධ්යවේදීන් දැඩි ලෙස සූරා කැමකට ලක් කරති. මහනුවර කටයුතු කළ සහෝදර මාධ්යවේදීන් ට විශ්රාම වැටුප්,දීමනා නැත. වෙනත් ආයතනයකට රැකියාවකට ගියොත් ඒ ඉඩත් අහුරන්නට උත්සාහ දරති. මෙහි සිටින අන් සියලු වෘත්තිකයන්ගේ අයිතීන් සුරක්ෂිතය. ඔවුන්ගේ අරගලවලදී මාධ්යවේදීහු සෑහෙන කාර් යභාරයක්ද ඉටු කරති. එනමුදු, මහමගට වැටුණු මාධ්යවේදියකු වෙනුවෙන් ඉදිරිපත් වුණු කර්තෘ සංසදයේ සාමාජිකයෙකු නැත.
  • මණ්ඩලය මගින් ජනමාධ්ය නියාමනයක් අනිවාර් යෙන් සිදු විය යුතුයි. වෙළද දැන්වීම්වලදී භාණ්ඩයේ හෝ සේවාවේ සාධනීය/නිෂේධනීය සොබාවන් අනාවරණය කළ යුතුයි.
  • ආයතනවලට ජනමාධ්යවේදීන් බදවා ගැනීමෙදී, සම්මුඛ පරීක්ෂණයට මණ්ඩලයේ නියෝජනයද තිබිය යුතුය. අවම වශයෙන් ඩිප්ලෝමාවක් හෝ නොමැතිව කිසිවකු බදවා නොගත යුතුයි. සියලු විශ්වවිඩ්යආලවල ජනමාධ්ය නිර්දේශවලටද මෙම පනත ඇතුළත් විය යුත්තේය.
  • පනතෙහි 9,10 වගන්ති අනුව පෙනී යන්නේ මෙය මාධ්ය ආයතනවල ආරක්ෂාව සදහා නිර්මාණය වූවක් බවයි. එය යුක්තිසහගත නොවේ.
  • වගන්තිය ප්රකාරව මණ්ඩලයේ සංයුතිය පිළිබදවද තත්ත්වය එමමයි. 10% ක මුදල් තැන්පතුවද ග්රාහක අයිතීන් වෙනුවෙන් එක් කළ බවක් නොපෙනේ.
  • මෙම සංවාදයෙහි අදහස් දක්වමින් දේශකයන් කියා සිටියේ, මෙය ප්රතිපත්ති සම්පාදනයට පුරවැසියන් සම්බන්ධ කරන්නා වූ අවස්ථාවක් බවයි. නමුත් පාර්ලිමේන්තුව මෙය අනුමත කරලීමට අවකාශ සලසා දෙයිද යන්න ගැටලුවකි.
  • අධිකරණයේ යහපත් පූර්වාදර්ශ තිබියදී, සරත් නන්ද සිවා තිරශ්චීන ලෙස ඇතැම් තීන්දු ලබා දුන් බව අපට මතකය. එහෙයින් අප මේ පනත ගැන විශ්වාසයක් තබන්නේ කෙසේද?එසේම, ඊළග හමුවලදී මීට වඩා වැඩි මහජන සහභාගීත්වයක්ද ඔවුන්ගේ අදහස්ඩ ලබා ගැනීම සුදුසුය.
  • 36 වගන්තියේ xi,XIVපිළිබදව තාක්ෂ්ණික ගැටලුවක් මතුවෙයි. එම ප්රමිතිකරණ ක්රියාවලිය තුළට පුරවැසි නියෝජනයක් අවශ්ය බව යෝජනා කරනු කැමතියි.
  • පාසල් දරුවන්ගේ අනාගත සුරක්ෂාව පිණිස,පනතෙහි මාධ්ය සාක්ෂරතාවය ගැන අවධානයට ලක් කළ යුතුව ඇත. නැතහොත් අනාගතයේ සම්පත වන දැන් නව යොවුන් වියේ දරුවන් අකාලයේ අනවශ්ය ගැටලුවලට මුහුණ පානු වළක්වනු නොහැකිය.
  • ජනමාධ්ය නිසා අගතියට පත් පාර්ශවය මණ්ඩලයට මුලින්ම පැමිණීම අසාධාරණ නොවේ. වෘත්තිය ආචාරධර්ම සුරකින්නේ නම්, අධිකරණයෙන් ගැටලුවක් ඇති නොවේ.භාෂණයේ හෝ ප්රකාශනයේ නිදහස එමගින් කඩ නොවේ. නමුත් අන් සියලු කොමිසම්හි මෙන්ම මෙම මණ්ඩලයේද ස්වාධීනතාව ලාංකීය සංදර්භය තුළ ගැටලුකාරී වනු ඇතැයි ජනතාව උපකල්පනය කිරීම සධාරණය.ඒ ගැන නිශ්චිත අදහසක් පිහිටා සිටීම වැදගත් වේ.
  • හතරවෙනි ආණ්ඩුවේ පසුගිය වසර 20_25 දී මෙරට ක්රියාකාරීත්වය අරබයා සෑහීමකට පත්විය නොහැකිය.මෙර අධිකරණයත්, ජනමාධ්යත් සවුත්තු ලෙස හරි හරියට කටයුතු කරන්නේ නිවුන් සොයුරන් මෙනි.
  • එක්තරා ඉනංග්රීසි පුවත්පතක් දැන් බාල ඉංග්රීසියෙන් පිටු පුරවයි,සිංහල පුවත්පත් ද ඊට නොදෙවෙනිය. දැනුම දිය යුත්තේ, සාමාන්ය ජනතාවට නොව පත්තර කරවන මේ සම්භාව්ය -ඊනියා මහත්තුරුන්ටයි. ඔවුනට අනුව ජන්තාව ට ඔවුන්ගේ දේශපාලන න්යඅය පත්ර (political agenda)නොවැටහේ, ඇත්තටම නම් මෙම පත්තර දෙවර්ගයම මස් ඔතන්නට සුදුසුය. ජනමාධ් සීනි තවරා ජනතාවට වස දෙන්නට උපන් හපන්නුය.
  • විද්යඋත් මාධ්යයේ වෙළෙද දැන්වීම් මෙන්ම ඒවාට කුඩා දරුවන් භාවිතයද අවධානයට ලක්විය යුතු වෙයි. විදේශීය ටෙලි නාට්යද මෙරට සදාචාරයට බලවත් පහරකි.
  • රටෙ එක් තැනෙක සිදුවන අවාසනාවන්ත සිදුවීමක් නැවත නැවත ප්රචාරය මගින් ජාතිවාදී විෂබීජ පැතිරීම වේගවත් වෙයි. මුල් පිටුවල අන්තර්ගත වන්නේ නරක ප්රවෘත්තිය,හොද පුවතකට ඒ හැටි අවධානයක් නොලැබේ.
  • පවුලේ සියල්ලන් එක්ව නරබන නාට්‍ය නිසා තරුණ ජීවිත වරදට යොමුවේ.සියලු මාධ්‍ය එක්ව රටේ යහපතට කටයුතු කළ යුතුයි
  • ජනවාරි 08 වෙනිදා ගත් දේශපාලන තීන්දුවට අනුව ජනතාවට දුන් පොරොන්දු මෙතෙක් ඉටුව නැත.ජනමාධy තුළ ජනතාව අහිංසක,අසරණ පිරිසක් බවට පත්ව ඇත.මාධ්ය සදාචාරයක් දක්නට නොලැබෙයි. එහෙයින්, ඉක්මනින් මාධ්යයෙන් ආගම හා දේශපාලනය ඉවත් කළ යුතුයි.බුදුන්වහන්සේගේ නම විකුණමින් මාධ්යගෙන යන,ව්යජ ප්රචාර නිසා ජනතාව තමන් සතු දේ පූජා කරති.ග්රාමීය කාන්තාවන්ගේ මනස ජනමාධ්ය නිසා දූෂ්ය වේ. මේ පනත පාර්ලිමෙන්තුව සම්මත කරයිද යන්න ප්රශ්නකාරීය.
  • මෙහි ග්රාහකයාට වන්දි ලබාගැනීම ප්රායෝගිකද? වර්තමානයේ පමණක් නොව 60 -70 දශකවල පටන් පාර්ලිමෙන්තුවේ සාක්ෂරතාව ඉතා පහළ මට්ට්මක පවතී.පුවත්පත් මණ්ඩල පනත එක් මන්ත්රීවරයකු හැර ඒකමතිකව සම්මත විණි.ලේක්හවුස් ආණ්ඩුවේ හොරණෑවයි. 50% ට වැඩි මාධ්ය ඒකාධිකාරියක් තිබේ නම් වෙනත් රටවල එය බිද දමයි. ප්රජා මූලික මාධ්ය සම්ප්රදායක් ගැන මෙරට කතිකාවක් නැත්ම තරම් ය.ඉන්දියාවේ හා ස්කැන්ඩිනේවියානු රටවලින් මෙම පනතට සාධනීය ලක්ෂණ උකහා ගත යුතුය.
  • ආගම් ඇදහීමේ නිදහසක් මෙරට තිබිය යුතුයි.නමුත්,විවිධ ආගමික නාලිකා තිබෙද්දී මෙරට අනෙක් නාලිකාද ආගම් ප්රචාරයට ප්රමුඛස්ථානයක් දෙයි. එපමණක් නොව, සාමාන්ය මිනිසුන්ගේ හොරකමකට සෑහෙන ප්රචාරයක් දෙන මාධ්ය බලවතුන්ගේ හොරකම් ප්රශ්න නොකරයි.
  • තවත් ප්රවණතාවක් වන්නේ පාසල්වල මාඩ්යයේ මැදිහත් වීමෙන් උපකාරක පංති පැවැත්වීමයි. එය අධ්යආපන අමාත්යංශයේ කටයුත්තක් මිස ජනමධ්යයේ කටයුත්තක් නොවේ.පනත මගින් මේවාට මැදිහත් විය හැකි නම් හොදයි.මාධ්ය ආයතන මහජන සාමගමක් කිරීමද සලකා බැලිය හැකියි.
  • අල්ලස් දී ජනතාව මුලා කරන සංස්කෘතිය,ගම් මට්ටමේ ජනතාව ගොනාට අන්දන ගංවතුර,නියං සහන සංස්කෘතියක් ජනමාධ්ය විසින් ආරම්භ කර ඇත.බොළද ජනමාධ්ය භාවිතය වෙනුවට මාධ්ය සාක්ෂරතාවෙන් පමණක් නොව සියලු ආකාරයේ සාක්ෂරතාවන්ගෙන් ජනතාව සන්නද්ධ විය යුතුයි.
  • දේශපාලකයන් හා ව්යපාරිකයන් රට පාලනය කරන සමස්ත යාන්ත්රණය නුදුරේදීම වෙනස් නොවුණොත්, රටේ අනාගතය නිශ්චිතවම අදුරු වනු ඇත.
  • රාවයේ අයිවන් මහතා නිතර මතු කරන කුල ප්රශ්නය සම්බන්ධව ප්රාදේශීය මාධ්යවේදීන් සංවේදී නැත. පොලිසියට ගොස් වාර්තාව ලබාගන්නා ඔවුහු කුලය මතු නොකර ප්රවෘත්තිය ආවරණය කිරීම එක් නිදර්ශනයකි.
  • ප්රවෘත්ති සාක්ච්ජාවලදී ඔවුන් නගන්නේ නොවැදගත් ප්රශ්නය.වතාවක් මැතිවරණ කොමසාරිස් විමසූ ලෙසම මාධ්යවේදීන්ට අවSහ්ය පිළිතුර ලබාදිය යුතුව තිබේ.අවසානයේ සාකච්ජාවලදී ඔවුහු කේලම හගිස්සවන්නන් බවට පත්ව සිටිති.
  • පුවත්පතක මුල් පිටුවේ හොර-මැර-දූෂණ වාර්තා කරන්නෙ මහජනයාට පුවත්පතෙන් ඉටු විය යුතු කටයුත්ත එයඩ?මගේ කෘතියක් ගැන විචාරයක් පළ කරවාගන්නට අවශ්ය වූ විට එක් මාධ්යවේදියකු පැවසුවේ ඔහුගේ නමින් පළ කරන්නට එය ලියා දෙන ලෙසයි.
  • අතීත මාධ්ය පරපුරක් ගොඩ නැගූ ලෙසින්ම , අනාගතයේදී මාධ්ය පරපුරක් වෙනුවෙන් පනත සාධනීය ලෙස ක්රියාත්මක වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

More Works