ස්වාධීන තත්ත්ව මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද ගාල්ල කතිකාව කතිකාව ඉදිරිපත් වුණු පුරවැසි මතවාද

කතිකා 09_ ප්රවෘත්ති මාධ්ය තත්ත්ව පිළිබද ස්වාධීන මණ්ඩල පනත පිළිබද පුරවැසි කතිකාව ගාලු කතිකාව

දිනය- 2017 ජූනි 26 සදුදා

වෙලාව- පෙ.ව.9.45_12.30

ස්ථානය -දිස්ත්රික් ලේකම් කාරයාලයීය ශ්රවණාගාරය, ගාල්ල.

පහසුකම් සැලසීමේ දායකත්වය -ජනමාධ්ය ප්රතිව්යහගතකරණය සදහා වන ජාතික ලේකම් කාර් යාලය

ප්රවෘත්ති නියාමනය හා ස්වාධීන ප්රවෘත්ති මාධ්ය තත්ත්ව මණ්ඩල පනත පිළිබද එදින පළ වුණු මතවාද,අදහස් හා යෝජනා සංක්ෂේපය පහත දැක්වේ.

  • මාධ්‍ය සම්බන්ධව ග්‍රාහක බහුතරය සිටින්නේ තෘප්තියෙන් නොවේ.දේශපාලනය හා මාධ්‍ය යන දෙකම මෙරට පරිහාණියට හේතු විය. මැතිවරණ හා පොලිස් කොමිසම් සභා පිහිටවනු ලැබූවද වර්තමානයේ සාර්ථකව ක්‍රියාත්මක නොවේ. මේ ආයතනයටත් එබන්දක් සිදුවේද යන්න ගැටලුවකි.මණ්ඩලය පත් කරන්නේ ජනාධිපති විසින් නිසා එහි ස්වාධීනත්වයද ප්‍රශ්නකාරීය.
  • මාධ්‍ය නිතර උත්සාහ කරන්නේ ජනප්‍රිය, ආකර්ෂ්ණීය පුවත් පළ කරන්නටයි. මෑතකදී සිදුවුණු බොදු බල සේනා සංවිධානය පිළිබද ප්‍රශ්නයද ඇති කළේ මාධ්‍ය විසිනි. එම සංවිධානය දරන මතවාදය නිවැරදිය. මාධ්‍ය එය වාර්තා කළ ආකාරය නිසා අන්‍යආගම් අතර ගැටුමක් නිර්මාණය විණ. මාධ්‍යයට මේ රට විනාශ කිරීමට හෝ රැක ගැනීමට පිළිවන.මේ ආයතනය පිහිටුවීමේදී රටට ,ජාතියට වැදගත් වන අයුරෙන් සැකසීම අත්‍යවශ්‍ය ය. නැතහොත්, මෙයත් පොලිස් හෝ මැතිවරණ කොමිසම තත්ත්වයට පත්වෙනු ඇති.
  • ආයතනයේ පුරවැසි නියෝජිතයන් අතරට අපටත් අයැදුම් කිරීමට හැකිනම් අගෙයි.
  • මුහුණු පොතෙන් බෙදා ගන්නා ඇතැම් ව්‍යආජ ප්‍රවෘත්ති පිළිබදව අවධානය දැක්විය යුතුය. මෑතකදී රට කළබන සිද්ධි කීපයක්ම මුහුණු පොතෙන් බා ගත කරගත් ප්‍රවෘත්ති නිසා ඇති විණ.
  • ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ඇතැම් ක්‍රියාකරම් නිසා,මාධ්‍ය සම්බන්ධ බරපතළ තත්ත්වයන් උද්ගත වේ. ඒ තත්ත්වය වෙනස් කිරීමට හැකි එක් පියවරක් සේ ජනමාධ්‍යවේදීන් එක් ආයතනයකට පමණක් සේවය කිරීම යොදාගත හැකියි.සාමන්‍ය තත්ත්වය නම්, එක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මාධ්‍ය ආයතන 04 කට පමණ සේවය කරයි.
  • (08 )වගන්තිය අනුව, ප්‍රභව අනන්‍යතාව හෙළිදරවු කිරීමට බල නොකර හැකියි. එහි ප්‍රතිඵලය වනුයේ නීතියේ පිහිටද ඇතිව " අතේ රෝල්" ලියන්නට වල්බූරු නිදහස ද ඉක්මවා ගිය පිස්සු බලු නිදහසක් මාධ්‍යවේදීන්ට ලැබීමය.
  • ( 39) වගන්තිය අනුව මණ්ඩලය වෙත යොමුවන අගතියක් සිදු වූ පාර්ශවයේ මූලික මිනිස් අයිතියක් වන අධිකරණය හමුවට යාමේ අයිතියට බාධාවක් සිදු වෙයි. අගතියක් සිදුවීද යන්න මුලින්ම මණ්ඩලය විසින් විභාග කිරීම කිසිසේත් සුදුසු නොවේ.වන්දි වෙනුවෙන් උසාවියක නඩුවක් පැවරීමට කටයුතු කරන්නේ නම්, අයැදුම් කරන වන්දියෙන් 10% ක් ගෙවීමට සිදුවීම ද තවත් බාධාවකි.
  • යුනෙස්කෝ නොව කවර ආයත්නයක කටයුතු කළද ජයවීර මහතා විසින් නිර්මිත මෙම පනත බොරු ප්‍රවෘත්ති මවන,පෞද්ගලික නිදහසට බාධා පමුණුවන,වාර්තා කිරීමක් පිළිබද පැමිණිලි කළොත් සිරගත වන්නට සිදු වන තරම් අගතිගාමී මෙන්ම භයානක පනතක්ද බව මෙහිදී අවධාරණය කළ යුතුයි.
  • පුවත්පත් හෝ රූපවාහිනියට වඩා වෙබ් අඩවි මාර්ගයෙන් සිදුවන වැරදි ආවරණයට මෙම පනතෙහි සදහනක් නොවේ.
  • කෙටුම්පත අධ්‍යයනයට මීට වඩා කාලයක් ලැබුණේ නම් උචිතයි. ජනමාධ්‍ය අතර ඇති තරගකාරිත්වය නිසා පසුගිය ගංවතුර ව්‍යසන අවස්ථාවේ ද ඔවුන් උත්සාහ කළේ සිය ආයතනයේ ප්‍රවර්ධනයයි. ගංවතුර ආධාර බෙදීම හෝ රාත්‍රියේ නිවෙස්වලට කඩා පැන මුදල් බෙදීම මාධ්‍ය විසින් කළ යුත්තක්ද?
  • රජයේ මෙන්ම අන්‍ය මාධ්‍ය අද ඉන්දියානුකරණයෙන් සහ කොරියානුකරණයෙන් මුදා ගැන්ම දුෂ්කරය.රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය සුරැකිය යුතු මෙබදු මාධ්‍ය නිසා රටේ අනාගතය කොතැනක නවතිනු ඇත්ද?
  • අද ඇතැම් මාධ්‍ය සිය වෘත්තිය ගණිකා සේවයෙහි යොදවයි. මෙම පනත මගින් වෙළෙද දැන්වීම් සදහා වෙන්වන ගුවන් කාලය පාලනයකට යටත් කළ හැකිද? මාධ්‍යට ලකුණු දා ගන්නට නිර්මිත ව්‍යආපෘති පාලනය කළ හැකිද?
  • පුවත්පත් සදහා අප විසින් ලිපි යොමු කිරීමේදි ඇතැම් ආයතන ලිපියේ මූලික පදනම පවා සංශෝධනයට පාත්‍ර කරයි.
  • ඇතැම් වෙළෙද දැන්වීම් ප්‍රවර්ධනය කරන භාණ්ඩ/සේවා සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් පනත මගින් සිදු විය යුතුයි.මාධ්‍යවේදීන් ලෙස අප සාමූහිකව මෙම අසික්කිත, තුට්ටු දෙකේ දැන්වීම්වලට එරෙහිව නැගී සිටීම යෝග්‍ය වේ.
  • මෙම පනත් කෙටුම්පත කාලෝචිත එකකි. අල්ලස් ගත් මාධ්‍යවේදීන්ගේ ප්‍රචාරවලින් බැට කා තනතුරු අහිමි කරගත් පුද්ගලයෙක් ලෙස කිව හැක්කේ, දැනට පවතින කොමිසමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම අතිශයින් ප්‍රමාද වන බවයි.
  • මාධ්‍යවේදීන් නිතර ප්‍රශ්න කරන්නේ, දේශපාලකයන්ට ඇති සුදුසුකම් වේ. එහෙත්, මාධ්‍යවේදීන් සතු අවම සුදුසුකම් මොනවාද?මාධ්‍යවේදියා යනු කවුදැයි නිර්වචනයක් මෙන්ම ඔවුනට අදාළ නිර්ණායකද මෙම පනතට අන්තර්ගත විය යුතු වේ. පනත වැඩි දුයුණු කරගැනීමෙදී (38) වගන්තිය යළිත් සංශෝධනයව ,අධිකරණයට යාමේ අයිතිය ආරක්ෂා වන්නේ නම් සුදුසුයි. පනත සංශෝධනය කිරීමේදී පාරිභෝගික ආරක්ෂා පනත වැන්නක් අධ්‍යයනය කිරීම යෝග්‍ය වේ.
  • මාධ්‍ය අයාලේ යද්දී නිවැරදි මගට ගන්නට උත්සාහයක් ලෙස පනත හැහින්විය හැකියි. රට ගොඩ නැගීමේ කාරyඅභාරයේදී සංවර්ධනාත්මක ප්‍රවේශයකින් හෙබි කාලීන වැඩසටහන් සම්බන්ධව අවධානය දැක්වීම මැනවි.
  • ලංකාවේ විද්‍යත් මාධ්‍ය හැසිරීම ගැන ප්‍රසාදයක් නොමැත. දේශපාලන වැඩසටහනකට ඇමතූ විට පවත්නා මතයට විරුද්ධ මතධාරීන්ට දුරකථනයෙන් හෝ සම්බන්ධ වීමට අවස්ථාවක් නොදෙයි.කලක් මෙම විද්‍යඋත් මාධ්‍යම ප්‍රවෘත්ති ප්‍රකාදනයේදී ,කොට සාය හැදි කාන්තාවන් යොදා ගත් බව අපට මතකයි. එවිට ප්‍රේක්ෂකයා නැරබුවේ ප්‍රවෘත්ති ද? කාන්තා දෙපා ද?
  • ලාංකීය මාධ්‍යවේදීන් සමහරක් විදේශගතවය. ඔවුන් හැර අනෙක් බහුතරයගේ ජීවිතය ශෝචනීයය. දේශපාලකයන්ගෙන් මුදල් ලබා ගනිමින් ඔවුන් උත්සාහ කරන්නේ එදා වේල සරි කරගැන්මටයි.
  • ලංකාවේ සාමාන්‍ය යෙන් අවසානයේදී ඉෂ්ට වන්නේ, දේශපාලන අධිකාරියට අවශ්‍ය අරමුණුය.මෙම පනත හෝ ආයතනය කෙතරම් යහපත් නමුත් ස්වාධීනව ක්‍රියාත්මක වේදෝ සැකයි.එහෙත්, ශිෂ්ට සම්පන්න සමාජයකට බුද්ධිමතුන්ගේ දායකත්වය ඉතා අවශ්‍යයි.රජය ගැන විශ්වාසය පළුදු වෙමින් පවතියි.
  • රාවය පුවත්පතේ වසවිස නැති ගොවිතැනට එරෙහි පුනරුද ව්‍යපාරයට ඉමහත් ප්‍රචරයක් ලබාදෙයි. ඔවුන් ඉෂ්ට කරනුයේ මහා පරිමාණ සමාගම්වල අවශ්‍යතාවන් විය හැකියි.
  • මෙම පනත් කෙටුම්පත් සම්පාද්නයේදී, සම්ප්‍රදායික මූලික රාමුව පිළිබද අවධානයක් දක්වා නොමැති බව පැහැදිලියි.කෙටුම්පත මීටවඩා සංවර්ධනාත්මක මට්ටමකට ගෙන ආ යුතු නම්, අන්තර්ගතය පිළිබද සංශෝධන සිදුවිය යුතුමයි.වගන්තිවල භාෂා ප්‍රශ්නද ,අඩුපාඩුද ඇත.ඒ පිළිබද සැලකිලිමත් විය යුතුමය.
  • අඩුපාඩු කෙතරම් තිබුණද, අවු. 69 ක නිදහසින් පසු ඉතිහාසයක් ඇති රටක කවර කලෙකවත්, ප්‍රතිපත්තිමය රාමුවක් නොවුණු නිසා මෙය පමණක් නිවැරදිව ඉෂ්ට කිරීම අපේක්ෂා කළ නොහැකිය.ස්වාධීන කොමිසම් සභාවල තත්ත්වයද අවිනිශ්චිතයි,වයවස්ථාව පිළිබදව මෙවන් මහජන උපදෙස් ලබාගත්තද තවම කිසිවක් ඉෂ්ට නොවිණ.රජය පසු වී හෝ මැදිහත් වීමක් කරන්නෙ නම් හොදයි.රජයක් කරගෙන යාමටත් මාධ්‍ය අවශ්‍ය බව දැන් හෝ මතක් වීම සුදුසුය. එසේම බුද්ධිමතුන්ගේ මැදිහත් වීම රටකට ඇවැසියි, ඔවුන්ගේ නිහඩතාව රටකට සුදුසු නොවේ.
  • පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමෙන් පසුව , ඒ වගකීම් අගතියට පත් පාර්ශවයට ඉෂ්ට කරන්නේ කවුද?
  • මාධ්‍ය යේ ක්‍රියාකාරීත්වය නිසා, දරුවන්,කාන්තාවන් සම්බන්ධ ආරක්ෂිත පියවර ගත යුතුයි.
  • මිථයආව වපුරවන ජනයුගය,මවුබිම වැනි පුවත්පත් පිළිබදව ද සැලකිල්ලට ගත යුතු වේ.
  • ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යන්හි අධ්‍යඅපන වැඩසටහන් සදහා කාලයක් වෙන් කිරීම පනතෙන් හෝ විධාන කළ යුතුයි.
  • ලනංආවේ ප්‍රවෘත්ති විකාශයන්හි "උණුසුම් පුවත් "හොරුන්ට තවත් මග පාදා දීමක් විය හැකියි.
  • පනතෙහි සමාජ වෙබ් අඩවි නියාමනය සම්බන්ධ සදහන් නොවීම බලවත් අඩුපාඩුවකි.එසේ නොවුණහොත් එය තවත් ජාතිවාදී කෝලාහලයක ඇරබුමක් විය හැක.
  • සෑම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේම මාධ්‍ය භාවිතය සම්බන්ධ ප්‍රශ්න නැත.මාධ්‍යවේදීන් කෙතරම් සත්‍ය පුවත් ඉදිරිපත් කළත්, ආයතන ප්‍රමුඛතාව ලබා දෙන්නෙ ලාභ උපයාගැනීමටය.
  • ජනමාධ්‍යවේදීන් සම්බන්ධ චෝදනා තිබිය හැකි නමුත් ඔවුන්ට විධිමත්, පුහුණු ,
  • යේෂණ වැඩපිළිවෙළක්ද නැති බව ද සිහිපත් කිරීම මැනවි.
  • පනත් මගින් ජන්මාධ්‍ය පාලනයට අප නියෝජනය කරන සමාජ කොටස් විරුද්ධයි.ස්වයං නියාමනය වඩා සුදුසුයි.මාධ්‍යවේදීන් පාලනයට,විවේචනයට නොව ඔවුනට නිවැරදි පරිපාලනයක් අවශ්‍ය යි.අතීතයේදී ඇත්ත, දිනමිණ පුවත්පත් සම්ප්‍රදාය ඉදිරියට ගෙනයාමට මාධ්‍යවේදීන් උත්සුක විය යුතුයි. ඔවුනගේ අධ්‍යආපන සුදුසුකම් සම්බන්ධ නිර්ණායක සැලකිල්ලට ගැනීමද යහපත් ප්‍රවණතාවකි.
  • මාධ්‍ය ට තොරතුරු දීමේදී රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාවක් මෙම පනතෙහි (8 )වන වගන්තියෙන් ලැබේ. එය ඉතා වැඩගතyඅ.
  • මෙම ආයතනයේ පත්වීම් සිදුවන ආකාරය, මුදල් හා ප්‍රදානයන් විගණනය පිළිබද වගන්ති තව දුරටත් සැලකිලිමත් විය යුතුයි. (43) වගන්තියෙහි මාසයක කාල සීමාව දින 90 ක් දක්වා දීර්ඝ කළ යුත්තේය.
  • පරීක්ෂණවලදී දුරකථන සංවාද සං්‍රක්ෂණයට අවශ්‍ය නම් ඒ පිළිබද දුරකථනසේවා ආයතනයට කලින් දැනුවත් කිරීම් කළ යුතු කෙසේද යන්න පනතේ මුලින්ම විග්‍රහ කරගැනීම උචිතය.
  • මණ්ඩලයට හැකි ඉක්මනින් පැමිණිලි කිරීමෙ හැකියාව තිබිය යුතු වේ. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටීම සදහා නියෝජිත කණ්ඩායමක්,නීතී උපදේශන තිබීම වැදගත් ය.
  • පැමිණිලිකරුවෙක්ට අගතියක් කළ මාධ්‍යවේදීන් ට අදාළ ප්‍රවෘත්තිය සදහා ආයතනය විසින් ගෙවූ මුදල හෝ නැවත අය කරගැනීමට හැකියාවක් තිබිය යුතු වේ.
  • අධ්‍යආපන සුදුසුකම් පිලිබදව සැලකිලිමත් වීම සුදුසුය, නමුත් වික්‍රමසංහ වැනි විශිෂ්ට මාධ්‍යවේදීන්ටද එවන් සුදුසුකම් නොවූ නමුත් ඔවුන්ගේ මෙහෙවර මිනිය නොහැකි තරම් වේ.
  • මෙම පනත පිළිබදව තව දුරටත් පැහැදිලි කරගනු පිණිස තවත් මහජන හමු වාර ද්වයක් හෝ පැවැත්වීම සුදුසුය. එසේම ආකර්ෂණීය ප්‍රවෘත්ති ලෙස මෙබදු පනත්වලට මාධ්‍ය ආවරණයක් නොලැබෙන හෙයින් අන්තර්ජාල අවකාශයෙන් හෝ දැනුවත් කිරීම ඒ අතරතුර සිදුවිය යුතුමයි.
  • බලපත්‍රලාබී නොවන ඇතැම් කේබල් රූපවාහිනි නාලිකා නියාමනයට පනතට හැකියාවක් තිබේද?
  • මෙබදු ස්වාධීන කොමිසම් දියුණු සමාජයක අංගයි. විධායක ජනාධිපතිට පවා වෙනස් කළ නොහැකි හෙයින් පනතට අන්තර්ගත වන ආචාරධර්ම සංග්‍රහය ශක්තිමත් එකක් විය යුත්තේය. කමිටුවට තව බලතල ලබාදීමද යහපත් ප්‍රවේශයකි.
  • රූපවාහිනිය ඉන්දියානුකරYඅය ද, එහෙයින් කාන්තාවන්ට,දරුවන්ඩ ඇති වතිබෙන තත්ත්වය පනත මගින් සැලකිල්ලට ගත යුත්තේය.මිථyආව වැපිරවීමට මාධ්‍ය යේ මැදිහත් වීම අවම කළ යුතු වේ.
  • ප්‍රවෘත්ති පළ කිරීමේදී ආකර්ෂණීය සිරස්තල මැවීම නොව සමබර,සත්‍ය පුවත් වාර්තා විය යුතුයි, ගාල්ලේ ලිංගික ශ්‍රමිකයින් සම්බන පුවතක් වැරදියට වාර්තා කිරීමෙන් සිදුවූ හිත් රිදීම් හා බලපෑම් අදාළ ආයතන සැලකිල්ලට නොගත්තේය. අවසානයේ පීඩාව ට ලක් වූයේ පුවත ලබාදුන් පුද්ගලයායි.

More Works