ස්වාධීන තත්ත්ව මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද සබරගමු කතිකාව ඉදිරිපත් වුණු පුරවැසි මතවාද

කතිකා 02__ ස්වාධීන තත්ත්ව මණ්ඩල පනත් කෙටුම්පත් පිළිබද පුරවැසි කතිකාව-- සබරගමු කතිකාව

දිනය- 2017 මැයි 20 සෙනසුරාදා

වෙලාව -පෙ.ව. 10.00 -12.45

ස්ථානය- "සමුදි" උත්සව ශාලාව,නව නගරය, රත්නපුර.

පහසුකම් සැපයීම් දායකත්වය- ජනමාධ්‍ය ප්‍රතිව්‍යහගතකරණය සදහා වන ජාතික ලේකම් කාර්යාලය.


ජනමාධ්‍ය නියාමනය හා ස්වාධීන තත්ත්ව මණ්ඩල කෙටුම්පත පිළිබදව එදින දැක්වූ පුරවැසි අදහස්, යෝජනා හා මතවාද සංක්ෂේපය

  • දේශකයන් ඉදිරිපත් කළ මාධ්‍ය සම්බන්ධ විවේචනයට සපුරා එකගයි. මාධ්‍ය නියාමනය කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි.
  • පනතේ දෙමළ පරිවර්තනය නිරවද්‍ය එකක් වනු ඇතැයි විශ්වාස කරමු.
  • මුද්‍රිත මාධ්‍යයේ සිංහල දෙමළ ඉංග්‍රීසි සංස්කරණ එකිනෙකට වෙනස් ප්‍රවෘත්ති පළ කිරීම ගැටලුසහගතය.එය සංහිදියාවටද තර්ජනයකි.
  • මුද්‍රිත මාධ්‍ය මුහුණු පොතෙන් ප්‍රවෘත්ති හා ජායාරූප අනවසරයෙන් උපුටා ගනී.
  • නොයෙක් ජාතිආගම්‍කුල වෙනුවෙන් ප්‍රවෘත්ති පත්‍ර පෙනී සිටීම අභාග්‍යයකි.
  • මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යඋත් මාධ්‍යය පීඩාකාරීය.මාධ්‍ය නාලිකා පගාව දෙමින් ජනතාව සිය නාලිකාව වෙත ආකර්ෂණය කරගනී. ජ් යෝතිෂ්‍ය ය ආදී දුර්මත ප්‍රවර්ධනයේ නිරත වේ.
  • මේ පනත අධීක්ෂ්ණය කරන ආයතනය හා ඉදිරි ක්‍රියාදාමය ගැන පුරවැසියන් දැනුවත් කළ යුතුයි.
  • සමහර දේශකයන් මෙහිදී සදහන් කළ පරිදි, මාධ්‍ය හැදුනුම්පත භාවිත කර නීතිවිරෝධී කටයුතුවල නිමග්න වීමේ අවශ්‍යතාවක් සබරගමුවේ ජනමාධ්‍යවේදීන්ට නැත. වර්තමාන රජය මාධ්‍යය ට අණ පනත් පනවන්නාක් මෙන්ම ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ වෘත්තීය අයිතීන්ද අවධානයට ලක්විය යුතුව තිබේ. නිශ්චිත මූලික වැටුපක් හා ජීවන වියදම් දීමනාවක් ද යෝජනා කරනු කැමැත්තෙමු.
  • ලංකාවේ පූර්ව අත්දැකීම් අනුව, මෙම කවුන්සිලයද මුලින් ස්වාධීන වුවද පසුව දේශපාලනීකරණය වීමෙ අවදානමක් ඇත.ආගමික වැඩසටහන් පවා තරගකාරීත්වයට මැදිවුණු කලක ලොව අන් රටවල් පවා අත්හදා බැලු මෙවන් කවුන්සිලයක් ලංකාවෙහි පිහිටුවීම වරදක් නොවේ.
  • එකම ආයතනයක පවා දෙමළසිංහල වාර්තාකරණය එකිනෙකට වෙනස් වීම ප්‍රශ්නසහගතය. එක් ජන වර්ගයක ප්‍රශ්න අනෙක් පාර්ශවය දත යුතුමය.සමහර මාධ්‍යවෙදීන් කිසිදු සැලසුමකින්, සූදානමකින් තොරව වැඩසටහන් ඉදිරිපත් කරනු පෙනේ.
  • ජනමාධ්‍ය යට අමතරව සමාජ මාධ්‍යද අන්තවාදය,ආගම්වාදය අවුස්සන සිද්ධීන් ප්‍රචාරය කරයි. අවාසනාවන්ත අලුත්ගම සිදුවීමද එහි ප්‍රතිඵලයකි. සමාජ මාධ්‍ය ද නියාමනය කළ යුතුමයි.
  • රජයේ හා සියලු පෞද්ගලික මාධ්‍ය ආයතනවල අරමුණ ලාභ ඉපයීමයි.ඔවුන් කුණු රස ප්‍රචලිත කරන්නේ ලාභ වැඩියෙන් උපයා ගනු පිණිසය.මෙම නියාමනයෙන් එබදු ඉඩ අහුරාලිය යුතුයි.
  • වෙළෙද දැන්වීම් මගින් දේශීය හර පද්ධතිය විනාශ කරලීම වළක්වාලිය යුතු වේ.
  • ජනමාධ්‍ය යේ ගමන රටේ ජාතික අභිලාෂ මත පදනම් විය යුතුයි.
  • මූලාශ්‍රවල සුරක්ෂිත භාවය පිළිබද පනතේ වගන්තිය තව දුරටත්පැහැදිලි කරගත යුතුයි.
  • මේ පනතට ද ව්‍යවස්ථාවට අත් වුණු ඉ රණම අත් වේදැයි සැකසහිතය.ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරයේ සැරයටියේ කෙළවර පුවත්පත් හිමිකරුවාගෙ නාසය අසලින් අවසන් වේ. 'මදාරි" චිත්‍රපටයෙන් මෙ තත්ත්වය තව දුරටත් පැහැදිලි කෙරේ.
  • මාධ්‍ය තරගකාරීත්වයෙන් යුතුව ප්‍රවෘත්ති වාර්තාකරණයට යොමුව හිදී. නාට්‍ය සම්බන්ධ ප්‍රමිතිය බිද වැටෙමින් තිබේ. එයින් ග්‍රහකයා අවර ගණයේ රසිකත්වයට හුරු කරවයි.
  • අලුත් පරම්පරාව ඉන්දියානු නාට්‍ය රැල්ලෙන් මුදා ගැනීම දුෂ්කරය. මාධ්‍ය ආයතන වාණිජ පරමාර්ථයෙන් එකිනෙකා හා තරග කරයි.
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට යම් වැඩ පිළිවෙළක් නිර්මාණය කරගත යුතුය.
  • තරගකාරීත්වය නිසා මාධ්‍ය වාර්තාකරණයේදී අරමුණ කුණු රස ඉ ලිප්පීම නොවේ.හානි අවම කර පුරවැසියා දැනුවත් කිරීමයි.ප්‍රවර්ධන වැඩසටහන්වල පවා ප්‍රමිතියක් තිබිය යුතුය.
  • පනතේ 5,6 වගන්ති සහ 37 ඊ, ඌ අදාළව තව දුරටත් පැහැදිලි කිරීම් ඇවැසිව තිබේ.
  • මෙම පනත ක්‍රියාත්මක වීමේදී ජනමාධ්‍ය දඩයමක් හෝ දඩ මුදල් අය කර ගැනීමේ දෙපාර්තමේන්තුවක් බවට පත් වීමෙ නොසලකා හැරිය නොහැකි අවදානමක් ඇත.

More Works